ආනයනය ලිහිල් කිරීමට යයි

මෙරට පනවා ඇති දැඩි ආනයන ප්‍රතිපත්ති යම්තාක් දුරට හෝ ලිහිල් කල යතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
ද අයිලන්ඩ් පුවත්පත විමසීමකදී මෙම ප්‍රකාශය සිදු කල එතුමා පැවසූයේ අත්‍යාවශ්‍ය නොවන ආනයන සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිවලට තමන් විරුද්ධ බවත් ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කළ යුතු අතර එයින් ප්‍රධානම භාන්ඩය ඉන්ධන බවයි.
තෙල් ආනයනය සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 5000 ක් වැය කරන රටකට පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය සඳහා ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව ද ආචාර්ය පී.බී ජයසුන්දර මහතා කියා සිටී.
832 Views
Comments