පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙක් අතුරුදන්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
04

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙක් අතුරුදන්වෙයි

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙක් අතුරුදන්වෙයි

කොළඹ පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ මහජන ආරක්ෂක කළමණාකරන කොට්ඨාශයට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක් පසුගිය 30 වැනිදා සිට අතුරුදන්වී ඇතැයි දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය පවසයි.

 

දඹුල්ල, කණ්ඩලම, ඇරැව්වල හංදිය ප්‍රදේශයේ පදිංචි අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ පියා විසින් පසුගිය 02 දින දඹුල්ල පොලිසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර සඳහන් කොට ඇත්තේ තම පුත්‍රයා පසුගිය 30 දින සේවයට යන බව පවසමින් නිවසින් බැහැරව ගිය බවත් පසුව ඔහුගේ ගමන් බෑගය නිවස ආසන්නයේ තිබී හමු වූ බවත් සහ ගමන් ගත් යතුරුපැදිය දඹුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී හමු වූ බවත් පැමිණිල්ලේ සඳහන් කොට තිබේ.

 

පොලිස් කොස්තාපල් 27516 කේ. එම් .එස් .ජී .සී. ඩබ්ලිව්. එස් . කරුණානායක යන පොලිස් කොස්තාපල්වරයා මෙසේ අතුරුදන්ව ඇත්තේ කොළඹ පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ මහජන ආරක්ෂක කළමණාකරන කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදීයි.


 මෙම පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථන විසන්ධි කර තිබීම නිසා තොරතුරු ලබා ගැනීමට නො හැකි වී තිබේ. 

 

කෙසේ වෙතත් ඔහු ඇසුරු කළ පුද්ගලයන් සහ ආසන්න වශයෙන් ගමන් ගත් ප්‍රදේශ නගර පිලිබඳවත් ආරක්ෂිත කැමරා පද්ධති පිළිබඳවත් සොයා බැලූ බව පොලිසිය සඳහන් කළේය.

 

එමෙන්ම ඉහළ පොලිස් නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම් දී පොලිස් කොස්තාපල්වරයා භාවිතා කළ ජංගම දුරකථන තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමටද නියමිතය.

views

798 Views

Comments

arrow-up