කොරෝනා මර්ධන කිසිදු එන්නතක් මෙතෙක් ලබා නොගත් 60ට වැඩි වැඩිහිටියන් සඳහා විශේෂ නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
11

කොරෝනා මර්ධන කිසිදු එන්නතක් මෙතෙක් ලබා නොගත් 60ට වැඩි වැඩිහිටියන් සඳහා විශේෂ නිවේදනයක්

කොරෝනා මර්ධන කිසිදු එන්නතක් මෙතෙක් ලබා නොගත් 60ට වැඩි වැඩිහිටියන් සඳහා විශේෂ නිවේදනයක්

බස්නාහිර පළාතෙහි වයස අවුරුදු 60 ට වැඩි මේ වනතෙක් කොරෝනාවට එරෙහි එන්නත ලබානොගත් පුරවැසියන් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් අද (11) දින සිට ක්‍රියාත්මක කළ බව කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ,යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටිනවා.

 

ඒ අනුව වයස අවුරුදු 60 ට වැඩි බස්නාහිර පළාතෙහි මේ වනතෙක් එන්නත් ලබානොගත් පුද්ගලයින්ගේ තොරතුරු මේ වනවිටත් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් එක්රැස් කර ඇති අතර ඔවුන් සඳහා එන්නත්කරණ විස්තර (එන්නත්කරණ දිනය, එන්නත්කරණ මධ්‍යස්ථානය සහ එන්නත් ලබාගැනීම සඳහා පැමිණිය යුතු වේලාව) සඳහන් කරමින් කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙතින් ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මඟින් (SMS) දැනුවත් කරනු ලබන බවද යුද හමුදාපතිවරයා පවසනව

 

මෙම එන්නත්කරණ වැඩසටහන පහත එන්නත්කරණ මධ්‍යස්ථානයන්හිදී දන්වා ඇති දිනයන් තුළ පවත්වනු ලබයි.

 

* කොළඹ දිස්ත්‍රික්කය - යුද්ධ හමුදා රෝහල නාරාහෙන්පිට (අගෝස්තු මස 11,12 සහ 13 දිනයන්හි)

 

* ගම්පහ දිස්ත්‍රික්කය - දිස්ත්‍රික් මහ රෝහල ගම්පහ (අගෝස්තු මස 12, 13 සහ 14 දිනයන්හි)

 

කළුතර දිස්ත්‍රික්කය - දිස්ත්‍රික් මහ රෝහල කළුතර (අගෝස්තු මස 12 වන දින)

 

තවද බස්නාහිර පළාත තුළ වයස අවුරුදු 60 ට වැඩි එන්නත් ලබානොගත් අයෙකු මේ වනතෙක් තමන්ගේ තොරතුරු ලබා දී නොමැතිනම් හෝ එන්නත්කරණ වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේනම් 1906 යන දුරකථන අංකය තුලින් කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතිය හැකියි.

views

772 Views

Comments

arrow-up