ඩලස්ට සහයදුන් පොදුජන පෙරමුණු මන්ත්‍රීලා වෙන් වෙයි

ජනාධිපතිවරයා තෝරාගැනීමේදී ඩලස් අලහප්පෙරුමට සහාය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඉදිරියේදී පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව වාර්තාවේ.
එම කණ්ඩායමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පමණ ඇතුළත් වන බවත් පැවසේ.
ඩලස්අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමට මහාචාර්ය ජී එල් පීරිස්, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ආචාර්ය නාලක ගොඩහේවා යන අයට අමතරව පොදුජන පෙරමුණේ “හෘද සාක්ෂියට එකඟ මන්ත්‍රී කණ්ඩායම”ද ඇතළත් වනු ඇති බව පැවසේ.
මෙම කණ්ඩායම ඉදිරියේදී නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සම්බන්ධයෙන්ද අවධානයෙන් සිටින බව දැනගන්නට ලැබේ.
299 Views
Comments