JUL
16
එක හැඳුනුම්පතකට එක වාහනයයි - සතියට තෙල් ලැබෙන්නේ දින 02යි

ජාතික ඉන්ධන බලපත්‍රය හඳුන්වාදීම අද සිදුකෙරේ.
මේ යටතේ සෑම රථයකටම සතියකට නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් හිමිවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කලේය.
මේ අනුව එක් ජාතික හැඳුනුම්පතක් යටතේ ලියාපදිංචි කල හැකිවනුයේ එක් වාහනයක් පමණකි.
වාහන චැසි අංකය සහ අනෙකුත් තොරතුරු ලියාපදිංචි කිරීමෙන් පසුව කිව් ආර් කේතයක් නිකුත් කිරීම සිදුවන බව බලශක්ති අමාත්‍යවරයා පැවසුවේය.
ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව සතියට දින 02ක් අදාළ කිව් ආර් කේතය භාවිත කර ඉන්ධන ලබාගැනීමට ජනතාවට අවස්ථාව උදාවේ.
310 Views
Comments