ආර්ථිකය ගොඩනගන්න සියලු පාර්ශ්වයන් හා එකමුතුව කටයුතු කරන්න - ඇමරිකානු තානාපතිනි -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉවත්වීමත් සමග ශ්‍රී ලාංකිකයන් විසින් මෙතැන් සිට එකමුතුව සියලු පාර්ශ්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් ප්‍රකාශ කර සිටිනවා.
සිය නිල.ට්විටර් ගිනුමේ නිවේදනයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ නීතියේ ආධිපත්‍ය සුරැකීමට වගබලා ගැනීමත් ඒ තුළින් රටේ ආර්ථික අස්ථාවරභාවය විසඳා ගැනීමට ක්‍රියා කළ යුතු බවත් ය.
එසේ ම ශ්‍රී ලාංකිකයන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අභිලාශයන් වෙනුවෙන් හැකි සෑම විටකදීම ඇමරිකානු රජය කැපවීමෙන් සහ දැඩි අවධානයෙන් බලා සිටින බවත් ඇය තවදුරටත් දන්වා සිටිනවා.
අදාළ නිවේදනය පහතින්.
253 Views
Comments