“තුන් වේල කාපු පවුල් ලක්ෂ 09ක් දැන් එක වේලට වැටිලා” - සමීක්ෂණයකින් එලිවෙයි

රටේ පහළ ආදායම් සහිත පවුල් ලක්ෂ 17න් පවුල් ලක්ෂ නවයක් රටේ ආර්ථික අර්බුදය හමුවේ එක වේලක් හෝ උපරිම වශයෙන් දෙකක් ගන්නා තත්වයට වැටී ඇතැයි කරුණු අධ්‍යයනයේදී පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය.
මේ අතර රටේ ඉතා කුඩා පරිමාණ ව්‍යාපාර නවලක්ෂ තිස්පන් දහසෙන් දෙලක්ෂ අසූ දහසක් ආර්ථික අර්බුදය හේතුවෙන් වැසීගොස් ඇතැයිද හෙතෙම අනාවරණය කළේය.
තවද කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අසු එක් දහස් පන් සියයෙන් සියයට 20ක් එනම් දහසය දහස් තුන් සියයක්ද ආර්ථික අර්බුදය හේතුවෙන් වැසී යාමේ අවදානමකට ලක්ව ඇතැයි පැවසූ මහාචාර්යවරයා මෙම ව්‍යාපාර වැසී යෑමෙන් පුද්ගලයින් ලක්ෂ හතකට සෘජුවම රැකියා අහිමිවී ඇති බවද සඳහන් කළේය.
මෙම ව්‍යාපාරික ස්ථානවල ලක්ෂ තිහකට වැඩි පිරිසක් රැකියා කරන බවත් අමු ද්‍රව්‍ය මිල ඉහළ යෑම, ඉන්ධන හිඟය සහ සේවක පඩි ගෙවීමේ අපහසුතා යනාදී හේතු සැලකිල්ලට ගනිමින් එම ආයතන මෙලෙස වැසී ගොස් ඇති බවත් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
266 Views
Comments