චාමිකත් දවස් දෙකක් පෝලිමේ - ප්‍රැක්ටිස් යන්නත් බැරි වෙලා! (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

චාමිකත් දවස් දෙකක් පෝලිමේ - ප්‍රැක්ටිස් යන්නත් බැරි වෙලා! (VIDEO)

චාමිකත් දවස් දෙකක් පෝලිමේ - ප්‍රැක්ටිස් යන්නත් බැරි වෙලා! (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක චාමික කරුණාරත්න දින දෙකක් ඔස්සේ ඉන්ධන පෝලිමේ සිටි බවත් තමාට එම දින දෙක තුළදී ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සඳහා සහභාගි වීමට නොහැකි වූ බවත් ඔහු තම ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් තබමින් සඳහන් කර සිටිනවා.

 

අදාළ වීඩියෝ පණිවිඩය සම්බන්ධයෙන් මේ වන විට දේශීය මෙන්ම විදේශීය මාධ්‍ය ද විශාල අවධානයක් යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ.

 

අන්තර් සමාජ ක්‍රිකට් තරඟ සමය උදාවීමත් සමඟ කොළඹ සහ ඉන් බැහැර විවිධ ස්ථානවල තමන්ට පුහුණුවීම් සඳහා යා යුතුව තිබුණත් ඉන්ධන අර්බුදය හේතුවෙන් ඒ සඳහා දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් ඔහු සඳහන් කර සිටිනවා.

 

එහිදී ඔහු කියා සිටියේ "දවස් දෙකක ඉදන් මම කොහෙවත් ගියේ නෑ. මොකද මම තෙල් ගන්න ලොකු පෝලිමක ඉන්නවා. වාසනාවකට මට අද රුපියල් දහදාහක තෙල් ලැබුණත් එය ප්‍රමාණවත් වන්නේ දවස් දෙකකට හෝ තුනකට පමණයි"

 

කෙසේ වෙතත් මෙම වසරේ ආසියානු කුසලාන තරගාවලිය සහ එල්.පී.එල් තරගාවලිය ද මෙරට පැවැත්වීමට සූදානම් කොට ඇති බවද ඔහු කියා සිටියා.

 

අදාළ වීඩියෝව පහතින්.

 

 

 

 

 

views

369 Views

Comments

arrow-up