පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් නියමුවෙක්ද ?
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
21

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් නියමුවෙක්ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ගුවන් නියමුවෙක්ද ?

පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවකු වශයෙන් සේවය කර නොමැති අතර ඒ බව තහවුරු කරන කිසිදු තොරතුරක් නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය පවසනවා.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ, ඔහු ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු ලෙස සේවය කළ බවට වාර්තා නොමැති බවයි.

 

පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ ලිපි ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

 

“මම ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටියා කියලා මට අද පෙන්නන්න දෙයක් නැහැ.ඒ දවස්වල ගුවන් යානයක් ගුවන් ගත වුණාම ඒවා ලොග්වල සටහන් කළේ ඒ කාලේ පරිගණක ගත කරන්න පහසුකමක් තිබුණේ නැති නිසා. ඒ ලොග් සියල්ල විනාශ කළේ මගේ නිවසේ ඇති වූ ගින්න” යැයි මන්ත්‍රීවරයා පැවසුවා.

 

අදාල නිවේදනය පහතින්...,

 

 

views

584 Views

Comments

arrow-up