අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

අද කාලගුණය

අද කාලගුණය

දිවයිනේ නිරිතදිග කොටසේ (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.


උතුරු පළාතේ සහ අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට තද සුළං ((40-50) පැ.කි.මී.) බලාපොරොත්තු විය හැක.


ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

views

626 Views

Comments

arrow-up