වගා හානිවලට වන්දි ගෙවීම් හෙට

වගා හානි සඳහා වන්දි දීම හෙට (9) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර පැවසීය.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මඟින් වගා හානි සඳහා වන්දි දීමේ කටයුතු සිදු කෙරෙන අතර, ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන ඝන හා දියර කාබනික පොහොර දීමට මේ වන විටත් කටයුතු කර ඇත. යූරියා පොහොර කඩිනමින් ආනයනය කිරීමට ද කටයුතු සලසා තිබේ.
601 Views
Comments