ළමයින්ට හිංසන නවත්වන්න

විරෝධතා අතරතුර ළමයින්ට එරෙහි හිංසනය හෙළා දකින බව යුනිසෙෆ් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
"විරෝධතාවලදී සිදුවන ළමුන් සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ ලැබෙන වාර්තා සම්බන්ධයෙන් යුනිසෙෆ් සංවිධානයේ අවධානය යොමුව තිබේ.සියලු පාර්ශව සාමකාමීව රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහතික කළ යුතු අතර ළමුන්ටද අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් මෙන්ම සාමකාමී රැස්වීම්වලට සහභාගී වීමට අයිතියක් ඇත.
ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අනුව,සාමකාමීව රැස්වීම්වලට සහභාගී වී ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන අයට ඔවුන්ට බලපාන ගැටළු වලට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති අතර ළමයින් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජයට,ප්‍රාදේශීය ප්‍රජාවට සහ ඔවුන්ගේ පවුල් වලට හවුල් වගකීමක් තිබේ.
694 Views
Comments