ලංකාවේ දරුවන්ගේ සහ ගොවීන්ගේ ප්‍රශ්න විසඳන්න නවසීලන්තයෙන් ඩොලර් ලක්ෂ 05ක්

නවසීලන්ත රජය ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 05ක (500,000) මුදලක් ප්‍රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය පැවසුවාය.
ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටලුවලට මුහුණදී සිටින ගොවියන්ට සහාය වීම සඳහා ඒවා යොදවන ලෙස ඉල්ලා තිබේ.
පසුගිය වසර 30 තුළ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් මිලියන 25.7 මුදලක් ලබා දී ඇතැයිද මෙම ප්‍රදානය සිදුකරමින් නවසීලන්ත විදේශ අමාත්‍යවරිය සිහිපත් කළාය.
ටැටූවක් නිකටේ සටහන් කරගැනීම නිසා ප්‍රකට වී ඇති නනයියා මහුටා මහත්මිය නවසීලන්ත රජයේ කාර්යක්ෂම නිලධාරිනියක ලෙස ගෞරවයට ලක්ව සිටින්නියකි.
642 Views
Comments