සේරම පක්ෂ එකතුවෙලා නිර්පාක්ෂික රජයක් හදමු – රනිල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
15

සේරම පක්ෂ එකතුවෙලා නිර්පාක්ෂික රජයක් හදමු – රනිල්

සේරම පක්ෂ එකතුවෙලා නිර්පාක්ෂික රජයක් හදමු – රනිල්

සම්ප්‍රදායික පාර්ලිමේන්තු දේශපාලනයෙන් ඔබ්බට ගිය නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන කරුණු ඇතුළත් කර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලිපියක් යොමුකර තිබෙනවා.


අදාළ ලිපිය මගින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ පා ඇති ආර්ථික ගැටලු විසඳීම වෙනුවෙන්, මේ මොහොතේ සියලුම දෙනා එකාවන්ව එකතු විය යුතු බවත්, ඒ සඳහා පක්ෂ භේද අමතක කර, සමගි ජන බලවේගයේ කණ්ඩායමට එක් වන ලෙසත්ය.


මෙම කරුණු සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් තමා ධනාත්මක පිලිතුරක් අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යවරයා සිය ලිපිය මගින් දන්වා තිබෙනවා.


කෙසේවෙතත් මෙම ලිපියේ සදහන්වන පරිදි පාර්ලිමේන්තුවේ සිටින සියලුම දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් නිර්පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම යන කරුණ පිළිබදව මේ වන විට සමාජ මාධ්‍ය තුළ විවේචනයට ලක්වනවා.


සියලු පක්ෂ එකතුවී සෑදිය හැක්කේ සර්වපාක්ෂික රජයක් මිසක නිර්පාක්ෂික රජයක් නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

views

658 Views

Comments

arrow-up