රනිල් - සජිත් ගැටුම ලිපි හුවමාරුවෙන් එළියට

මේ අර්බුදකාරී අවස්ථාවේ සාම්ප්‍රදායික දේශපාලනය පසෙකලා දැවෙන ප්‍රශ්න විසඳීමට අත්වැල් බැඳ ගැනීම සඳහා එකතු වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කොට ඇත.
අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් විපක්ෂ නායක පෙන්වා දෙන්නේ රට තුළ පවතින අර්බුදයේ දී ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂවරුන් නොමැති පාලනයක් බවයි.
එමෙන්ම මීට පෙර අවස්ථා දෙකක දී ජනාධිපතිවරයාට මේ බව තමා දැනුම් දුන් බවද විපක්ෂ නායකවරයා විසින් සිය ලිපිය හරහා අවධාරණය කර තිබෙයි.
නිර්පාක්ෂික ආණ්ඩුවකට එක්වන්නැයි අග්‍රාමාත්‍යවරයා සමගි ජනබලවේගයෙන් ඉල්ලීමක් කරමින් අද දින ලිපියක් යොමු කර තිබූ අතර තීරණයේ වෙනසක් නැතැයි විපක්ෂ නායකයා කීවේය.
ජාතික වගකීමක් සේ සලකා පක්ෂ භේද නොසලකා ඒ සඳහා අත්වැල් බැඳ ගන්නා මෙන් සමගි ජනබලවේගයට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා වෙත යොමුකළ ලිපියේ දැක්වෙයි.
මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද අද පස්වරුවේ අග්‍රාමාත්‍යවරයාගේ එම ලිපියට පිළිතුරු ලිපියක් යොමු කිරීමට කටයුතු කර දැන්වූයේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බවයි.
පොදුජන පෙරමුණ රනිල්ට සහය දැක්වීමට ඒකමතික තීරණය කළ අතර ලබන සතියේ පොදු ජන පෙරමුණේ අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතානායක ධූරයට පත්කරන්නට නම් කර තිබේ.
මෙය දැනගත් පසු සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සජබය රෝහිණී කවිරත්න නියෝජ්‍ය කතානායක පදවියට නම් කර එහි තරගයක් මතුකර ඇත.
මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩී 20 වන සංශෝධනයට පොහොට්ටුවට ගිය මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද දින සජිත් ප්‍රේමදාස හමුවී සහය දෙන බව පවසා ඇත.
මේ අතර රනිල් වෙත පණිවිඩ එවා ඇති සීවී විග්නේස්වරන් තමන්ගේ සහය රනිල්ට බව කියා ඇත. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ සජබට සහය දැක්වූ මනෝ ගනේෂන් රනිල්ට සහය දක්වන්නට සූදානම් බවට ආරංචි පවතී.
සජබ අද යළි අවධාරණය කර ඇත්තේ තම පක්ෂයේ කිසිවෙකු රනිල්ට සහය දෙන්නේ නැති බවයි.
රනිල් හා සජිත් අතර අද හුවමාරුවූ ලිපි පහතින්
640 Views
Comments