ඉතාලියේ දී තම දරුවන් දෙදෙනා ඝාතනය කල ලාංකික මව සියදිවි නසා ගනී

ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන් පොළක සිට වයස අවුරුදු 3 සහ 11 වන තම දියණියන් දෙදෙනා ඝාතනය කර පලාගිය ලාංකික මවගේ සිරුර එම නගරයේම ගංගාවක පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
ඇගේ සිරුර මෙලෙස සොයාගැනුනේ දරුවන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක වන අතරතුරදීයි.
දරුවන් ඝාතනය කිරීමෙන් අනතුරුව මෙම කාන්තාව පළාගොස් ගඟට පැන සියදිවි නසාගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මියගිය මව 33 හැවිරිදි නිසංසලා ප්‍රනාන්දු නැමැති කාන්තාවකි.
නිදි යහනේම මරා දමා තිබූ දරුවන් දෙදෙනාගේ සිරුරු එරට පොලීසිය සොයා ගනු ලැබුවේ පසුගිය 26 වැනිදාය.
45736 Views
Comments