ජීවිත 3ක් යතුරුපැදි මාරයාට බිලි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

ජීවිත 3ක් යතුරුපැදි මාරයාට බිලි

ජීවිත 3ක් යතුරුපැදි මාරයාට බිලි

පසුගිය පැය 24ක කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

තවරන්කුලම - අනුරාදපුර මාර්ගයේ අපරික්ෂාකාරීව ධාවනය වූ යතුරු පැදියක් වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

මෙලෙස මියගියේ කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක තරුණයෙකි.

 

මීට අමතරව තවත් යතුරු පැදියක් පැල්මඩුල්ල නෝනාගම මාර්ගයේදී පෞද්ගලික බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී එහි බඳේ ගැටී සිදුවූ අනතුරෙන් 34 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 

ගලෙන්බිඳුනුවැව උපුල්දෙනිය මාර්ගයේ මාර්ගය හරහා කපා තිබූ වළකට වැටීමෙන් තවත් යතුරු පැදියක් අනතුරට පත් වී ඇති අතර එහිදී තුවාල ලැබූ 40 හැවිරිදි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

views

919 Views

Comments

arrow-up