ආදීවාසී කැකුලි පිරිමි 7ක් එක්ක මහ කැලේ කුඩු ගහලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

ආදීවාසී කැකුලි පිරිමි 7ක් එක්ක මහ කැලේ කුඩු ගහලා

ආදීවාසී කැකුලි පිරිමි 7ක් එක්ක මහ කැලේ කුඩු ගහලා

පසුගිය 14 වනදා උදෑසන දිඹුලාගල බිම්පොකුණ ප්‍රදේශයේ කැලෑවක් තුල හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටී වයස අවුරුදු 20ක ආදිවාසී තරුණියක් සහ තවත් පිරිමි පුද්ගලයින් පුද්ගලයින් හත්දෙනෙකු අරලගංවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එම පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 18යි මිලිග්රැම් 20ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

 

මෙහිදී අත්අඩංගුවට ගත් ආදිවාසී තරුණිය මෙයට පෙර අවස්ථා තුනකදීම හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ හසුවී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

 

අනෙකුත් සැකකරුවන් අතර  රිදී පොකුණ සිවිල් ආරක්ෂක බලකා මූලස්ථානයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක භටයකු ද සිටින බවයි වාර්තා වන්නේ.

 

අත්අඩංගුවට පත් සැකකරුවන් සියලු දෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස අබ්බැහි වී ඇති බවත් ඔවුන් එය ජාවාරමක් ලෙස සිදුකරගෙන යන බවත් අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත ප්‍රේමලාල් මහතා සහ කරනවා.

 

සැකකරුවන් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

17456 Views

Comments

arrow-up