රාජ්‍ය සමාගම් හරහා පොස්ෆේට් පොහොර බෙදාහැරීමට තීරණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

රාජ්‍ය සමාගම් හරහා පොස්ෆේට් පොහොර බෙදාහැරීමට තීරණයක්

රාජ්‍ය සමාගම් හරහා පොස්ෆේට් පොහොර බෙදාහැරීමට තීරණයක්

පොස්පේට් පොහොර ගොවි ජනතාවට බෙදා දීමේ බලය රාජ්‍ය පොහොර සමාගම්වලට ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

 

ඒ අනුව පොස්පේට් පොහොර බෙදාහැරීමේ නිල ඒජන්තවරුන් වන්නේ රාජ්‍ය පොහොර සමාගම් දෙක වේ. එම සමාගම් හරහා  ගොවි ජනතාවට සහන මිලට පොහොර ලබාදීමේ වැඩසටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී ඇති බව  එම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

 

දැනට අක්‍රිය තත්ත්වයේ පවතින වාරියපොල පොහොර බෙදාහැරීමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදන ආයතනයට අනුක්ත කර එහි කටයුතු කාර්යක්ෂම කර අමතර ආදායමක් ඉපයීම පිළිබදව ද අවධානය යොමුව තිබෙනවා.

views

827 Views

Comments

arrow-up