පරිවාස දරුවන්ට වෘත්තීය පුහුණුව
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

පරිවාස දරුවන්ට වෘත්තීය පුහුණුව

පරිවාස දරුවන්ට වෘත්තීය පුහුණුව

පරිවාස භාරයේ සිටින දරුවන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැඩපිළිවෙලක් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එක්ව ආරම්භ කර ඇත.

 

 

ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දී ඊයේ (30) සිදුකෙරුණි.

 

 

මේ සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ පියල් නිශාන්ත මහතා ඊට අත්සන් තැබීය.

 

 

ළමා නිවාසවල සිටින දරුවන්ගේ නිපුණතා මට්ටම් හදුනාගෙන ඔවුන්ගේ හැකියාවන් අනුව නිවැරදි වෘත්තීය අධ්‍යාපනය කෙරෙහි යොමුකරමින් සමාජගතකිරීම මෙහි මූලික අරමුණයි.

views

778 Views

Comments

arrow-up