විත්තිකාරිය පැමිණිල්ල විභාග කරමින් සිටි පොලිස් පරීක්ෂකගේ අත සපා කයි

පැමිණිල්ලක් විභාග කරමින් සිටියදි විත්තිකාර පාර්ශවයේ කාන්තාව විසින් තම ජංගම දුරකථනයෙන් පැමිණිල්ල විභාග කරන අයුරු විඩියෝ ගත කරමින් සිටියදි එය වැළැක්විමට ගිය පොලිස් පරික්ෂකවරයෙකුගේ අත එම කාන්තාව විසින් අද(23) සපාකා ඇතැයි නෙළුව පොලිසිය කියයි.
පහරදිමක් සම්බන්ධව නෙළුව ඉහල ලේලවල පදිංචි පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් නෙළුව පොලිසියේ පොලිස් පරික්ෂක අතපත්තු මහතා විසින් විභාග කරමින් සිටින අතරතුර විත්තිකාර පාර්ශවයේ කාන්තාව පැමිණිල්ල විභාග කරන ආකාරය සිය ජංගම දුරකතනයෙන් විඩියෝ ගත කර තිබේ.
පැමිණිල්ල විභාග කල පොලිස් පරික්ෂකවරයා එය දැක කාන්තා කොස්තාපල්වරියක් කැඳවා ජංගම දුරකථනය ලබාගන්නා ලෙස උපදෙස්දි ලබාදී ඇත.
එවිට විත්තිකාර කාන්තාව කෑගසමින් ඊට විරෝධය දැක්වීම නිසා පොලිස් කොස්තාපල්වරියට සහාය විමට පොලිස් පරික්ෂකවරයාද ඉදිරිපත්වු අවස්ථාව එම කාන්තාව පොලිස් පරික්ෂකවරයාගේ දකුණු අත සපාකා තිබේ.
පසුව සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනාව මත කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
965 Views
Comments