SEP
17
ලබන සතියේ සිට පෞද්ගලික බස් වලට සහන

නිරෝධායන ඇඳිරි නීතිය පනවා සංචරණය සීමා කිරීමත් සමග කඩාවැටුණු පෞද්ගලික බස් කර්මාන්තයට සහන සැපයීමට රජය තීරණය කර තිබෙනවා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග රාශියක්ම මේ වන විටත් සැලසුම් කර අවසන් බවයි.
ඒ අනුව එම සැලසුම් යටතේ එළැඹෙන සතියේ සිට පෞද්ගලික බස් රථ 17,000ක් සඳහා අවශ්‍ය අමතර කොටස් මිලදී ගැනීම සඳහා රජය විසින් විශේෂ වවුචර පතක් ලබා දීමට නියමිතව තිබෙනවා.
971 Views
Comments