පාසල් ආරම්භ කිරීමට ජනපති නිර්දේශ ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

පාසල් ආරම්භ කිරීමට ජනපති නිර්දේශ ඉල්ලයි

පාසල් ආරම්භ කිරීමට ජනපති නිර්දේශ ඉල්ලයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ පැවැති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී පාසල් ඇරඹීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුවී තිබේ.

 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පවත්වා ඇත.

 

එහිදී, සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක්  ග්‍රාමීයව විහිදී පවතින බැවින් පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලා ඇත.

 

ඒ අනුව ඒ සම්බන්ධයෙන් කඩිනම් නිර්දේශ ලබාදීම සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

views

1208 Views

Comments

arrow-up