චීන සංවර්ධන බැංකුවේ ශාඛාවක් කොළඹට

චීන සංවර්ධන බැංකුවේ ප්‍රාදේශීය ශාඛාවක් කොළඹ වරාය කළ තුළ ඉදිකිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබෙනවා.
එලෙස ශාඛාවක් ඉදි කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමටද මුදල් අමාත්‍යවරයා එකඟ වී තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළේ චීන කතානායකවරයා ඇතුළු ඉහළ දූත පිරිසක් සමඟ zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීම සඳහා චීනය සෑම විටම සමීප මිතුරකු ලෙස හැකි සෑම උපකාරයක් ම සිදුකරන බව එහිදී චීන කතානායකවරයා පවසා තිබෙනවා.
මෙරට සතු විදේශ සංචිතය වැඩි කරගැනීම සඳහා පසුගිදා ශ්‍රී ලංකා රජය චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350 ක ණය මුදලක් ද ලබා ගත්තා.
996 Views
Comments