ඉල්ලා අස්වූ කැටගොඩට යලි පාර්ලිමේන්තු එන්න පුළුවන්ද? - මැතිවරණ කොමිසමේ තීරණය දැනුම් දේ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමත් සමග ඇතිවූ පුරප්පාඩුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන විසින් නම් කෙරුණු ජයන්ත කැටගොඩ මහතාගේ පත්කිරීමට මැතිවරණ කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසියද පසුව බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූවා.
751 Views
Comments