ගැබ්බර එළදෙනුන් දෙදෙනා සොරකම් කර පණපිටින් පුච්චා මරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

ගැබ්බර එළදෙනුන් දෙදෙනා සොරකම් කර පණපිටින් පුච්චා මරලා

ගැබ්බර එළදෙනුන් දෙදෙනා සොරකම් කර පණපිටින් පුච්චා මරලා

දිඹුලාගල මැණිකේ ඇළ ප්‍රදේශයෙන් සොරාගත් ගැබ්බර එළදෙනුන් දෙදෙනකු රැගෙන යාමේදී ඇතිවූ බාධාවක් නිසා කුඹුරක බැඳ පිදුරු දමා පුළුස්සා මරා දැමීමේ අවාසනාවන්ත පුවතක් දිඹුලාගලින් වාර්තා වේ.

 

මෙම එළදෙනුන් සේරුවල ප්‍රදේශයේ ගොවියෙකු විසින් ඇති කරනු ලැබ ඇති අතර එම ගව පට්ටියෙන් සොරාගෙන යාමේදි අතරමඟ යම් බාධාවක් ඇතිවීම නිසා මෙසේ පුළුස්සා මරා දමන්නට ඇතැයි සැක පළකරයි.

 

මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.වීරසිංහ මහතා පවසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවයි. 

views

1046 Views

Comments

arrow-up