සෞඛ්‍යය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් වන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

සෞඛ්‍යය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් වන ලකුණු

සෞඛ්‍යය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් වන ලකුණු

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව හෙට දිනයේ සිට තවත් ලිහිල් වනවා. ඉකතුත් පළමු වැනිදා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණේ ක්‍රමිකව රට නැවත විවෘත කිරීම සදහායි. එහිදී අදියර දෙකකට මාර්ගෝපදේශ නිකුත් කෙරුණා. ඒ, පළමුවනදා සිට 15 වනදා දක්වා එක් අදියරක් යටතේ හා 15 වනදා සිට 31 වනදා දක්වා දෙවන අදියර යටතේයි.

 

ඒ අනුව පුද්ගලයින් දස දෙනෙකුගේ සහභාගිත්වයෙන් විවාහය ලියාපදිංචි කිරීම පමණක් සිදුකළ හැකි බවට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශය අදින් පසුව වෙනස් වනවා. එහිදී ලබන 31 වනදා දක්වා කාලය තුළ ඇතුළත් කර ගත හැකි පුද්ගලයින් ගණනින් සියයට 50 ක් පිරෙන ආකාරයට උපරිමය පුද්ගලයින් 50 කට පමණක් සීමා වන පරිදි මංගල උත්සව පැවැත්විය හැකි වනවා. එළිමහන් උත්සව පැවැත්වීමට එහිදී දිරිමත් කරන අතර මත්පැන් භාවිතයට තවදුරටත් අවසර හිමිවන්නේ නැහැ.

 

මීට අමතරව අද දිනය දක්වා ප්‍රකාශයට පත්කර තිබූ අවමංගල්‍ය උත්සව පැවැත්වීම, රැස්වීම්, වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීම, පරිභෝජනය කරන අවන්හල් විවෘත කිරීම, සාප්පු, සිල්ලර කඩ, ෆාමසි, සුපිරි වෙළදසැල්, ගෘහ භාණ්ඩ ඇතුළු වෙළද සැල් විවෘත කිරීම, ව්‍යායාම ශාලා විවෘත කිරීම වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් පැනවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ අදින් පසුව ලිහිල් වීමට නියමිතයි.

 

ක්‍රීඩා කටයුතු සදහා ද හෙට සිට නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමටයි නියමිතව ඇත්තේ. කෙසේවෙතත් තවදුරටත් අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් හැර අනෙකුත් අවශ්‍යතා සදහා අන්තර් පළාත් සංචරණ සීමාවන් ක්‍රියාත්මකයි. ඒ අනුව දිනපතා රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සියලුම ගමන් සදහා තවදුරටත් අවසර හිමි වන්නේ නැහැ.

 

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කරන්නේ කෙසේදැයි අද තීරණය කරන බවයි.

 

 

 

 

neth

views

738 Views

Comments

arrow-up