බාලවයස්කාර දැරියකට අතවර කළ විවාහකයාට වසර 30ක සිර දඬුවම් - දැරියට ලක්ෂ 5ක වන්දි

බාල වයස්කාර දැරියක් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ විවාහක පුද්ගලයෙකුට අධිකරණය විසින් වසර 30ක සිර දඬුවම් සහ අපයෝජනයට ලක් වූ දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කරනු ලැබුවා.
මීට අමතරව ඔහුව රුපියල් 15,000 ක දඩ මුදලකට ද යටත් කර තිබෙනවා.
මෙලෙස දඩුවම් නියම කෙරුණේ 2012 වසරේ ගලේවෙල ප්‍රදේශයේ සිදුවූ සිද්ධියකටය.
සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා තුනක් ඉදිරිපත් කර ඇති අතර එම චෝදනා තුනම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වීම හේතුවෙන් එක් චෝදනාවකට වසර 10 බැගින් වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් මෙලෙස නියම කර තිබෙනවා.
දැරියට ලබාදීමට නියමිත ලක්ෂ 5ක වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවම් නියම වනු ඇති.
1478 Views
Comments