“ලබාගත් උත්තරය ගැන ජනතාව වේදනාවෙන්. වැරැද්ද නිවැරදි කරන උත්තරයක් අපි හොයනවා” - විමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

“ලබාගත් උත්තරය ගැන ජනතාව වේදනාවෙන්. වැරැද්ද නිවැරදි කරන උත්තරයක් අපි හොයනවා” - විමල්

“ලබාගත් උත්තරය ගැන ජනතාව වේදනාවෙන්. වැරැද්ද නිවැරදි කරන උත්තරයක් අපි හොයනවා” - විමල්

අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(21) දිනයේ “තෙවැනි මග” නම් මාසික සඟරාවක් එළිදැක්වීම සිදුවිය.

 

ඒ සඳහා දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් එක්ව සිටියහ.

 

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් පැසුවේ “තෙවැනි මග” තුළින් සමාජයේ මතුවන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන සංවාද මණ්ඩපයක් ඇතිකරනු ඇති බවයි.

 

සමාජය මේ අවස්ථාවේ සිටින්නේ සොයාගත් පිළිතුර පිළිබඳව වේදනාවකින් බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය.

 

ඒ අනුව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියත් සමඟ ගනුදෙනු නොකරන ඩොලර් මිටි සමඟ ගනුදෙනු කරන පිරිසට එය නොතේරෙන බවයි.

 


“නුසුදුසු උත්තර හොයා ගත්තොත් ඉන්න තත්ත්වයෙනුත් පල්ලෙහාට වැටෙන්න පුළුවන්.

ලෝකයේ රටවල්වලට එහෙම වෙලා තියෙනවා. අපේ සමාජය උත්තර හොයන වෙලාවක් මේක.

ඒ නිසා අපිට වගකීමක් තියෙනවා සුදුසු උත්තර හොයා ගන්න. ගත්තු උත්තරය ගැන වේදනාවට පත්වෙලා ඉන්න ජනතාවට ඒ උත්තරය ගැන කථිකාවක් ඇතිකිරීම තමයි අපගේ අරමුණ.

අද සමාජය අනපේක්ෂිත අර්බුදවලට මුහුණදීලා ඉන්නේ. වසංගතය අපිට පාලනය කරන්න බෑ.

හැබැයි අපි අපේ අතින් නිර්මාණය කරගත්තු අභියෝගත් තියෙනවා. ඒවා නිර්මාණය නොකරගෙන හිටිය නම් ඒකෙන් ගැලවෙන්න පුළුවන්.

හැබැයි අපිට කවර ආකාරයකින්වත් මගහරින්න නොහැකි අභියෝග තියෙනවා. ඒවාට විසඳුම් අපි විසින් වහා වහා නිර්මාණය කරගත යුතුව තිබෙනවා.

ගුරුත්වාකර්ෂණ බලයට අඩුවෙන්ම ලක්වෙන රටක් ශ්‍රී ලංකාව. උපාය මාර්ගිකව වැදගත් පිහිටීමක තිබෙන රටක්.

අද බැලු‍වාම අපේ රට තිබෙන්නේ තිබිය යුතු ස්ථානයේ නෙමෙයි. ඊට වඩා ගොඩක් පහළ ස්ථානයක. ඒ වැරැද්ද ඇතිවීමට බලපාපු හේතු ගොඩක් තියෙනවා.

අපේ රටට ඒ සිදුවෙලා තියෙන ඓතිහාසික වැරැද්දෙන් අපේ රට එළියට ගන්න පොටයි අපි පාද ගතයුතුව තියෙන්නේ.  

මං හිතනවා මේ ඉතිහාසය සෙමෙන් විලිරුදාවෙන් පෙළෙන්නේ එක්තරා ආකාරයක එවැනි දරු ප්‍රසූතියක් සඳහා කියලා.

සාමාන්‍ය අවස්ථාවකදී අපි හොයාගන්නේ නැති උත්තර විශේෂ අවස්ථාවලදී හොයාගෙන යනවා.

දැන් අපි ඉන්නේ සාමාන්‍ය උත්තරවලින් විසඳුම් නොලැබුණු විශේෂිත අවස්ථාවක.

ඒ නිසා දැන් අපිට තෝරා ගන්න වෙන්නේ මේ විශේෂ තත්ත්වය දකින්න පුළුවන්, ඒක අභිබවන්න පුළුවන්, වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් උත්තර. ඒ උත්තර අපි විසින් සපයාගතයුතුව තිබෙනවා.'' 

යනුවෙන් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

views

922 Views

Comments

arrow-up