ණයට ගත් රු.5000 නොදුන් නිසා අයියා මල්ලීට පිහියෙන් ඇන මරා දමයි

ණයට ගත් රුපියල් 5000ක මුදලක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරු අත්අඩංගුවට ගත් පුවතක් ග්‍රෑන්පාස් කජීමා වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක් වන තරුණයෙකි.
මෙම තරුණයා විසින් ආපසු ලබා දෙන බවට ලබාදෙන බවට වූ පොරොන්දුව මත සිය වැඩිමහල් සහෝදරයා ගෙන් රුපියල් 5000ක ණය මුදලක් ලබාගෙන ඇති අතර එය ආපසු නොගෙවීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සැකකරු විසින් සිය සහෝදරයාට පිහියෙන් ඇන ඝාතනය කර තිබෙනවා.
පිහි ඇනුමෙන් බරපතළ ලෙස තුවාල ලද ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 28 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
971 Views
Comments