කෝපා හෙළිකල රියදුරන්ගේ මහා වංචාව

රථවාහන වැරදිවලට වරදකරුවන්වී තාවකාලිකව අහෝසි කළ රියදුරු බලපත්‍ර අධිකරණවල තිබියදී රියදුරන් දහසක පමණ සංඛ්‍යාවක් ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර ගනිමින් රිය ධාවනයේ යෙදෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා) වාර්තා කරයි.
ඇතැම් රියදුරන් රියදුරු බලපත්‍රය නැතිවූ බවට පැමිණිලිකර නව රියදුරු බලපත්‍ර ලබාගෙන ඇති බවටද එම සභාව තොරතුරු හෙළි කරගෙන තිබේ.
රියදුරු කුසලතා ලකුණු ප්‍රධාන ක්‍රමය හා ක්ෂණික ඉලෙක්ට්‍රොනික දඩ මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීම තුළින් මෙම අක්‍රමිකතා වළක්වා මාර්ග අනතුරු අඩකින් පමණ අඩු කර ගත හැකි බව පොලිස් ප්‍රධානීන් එම කමිටුවේදී ප්‍රකාශකර තිබේ.
ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය කෙරෙන තාක්ෂණික උපකරණ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සතු අරමුදලින් මිලදී ගත හැකිද යන්න පිළිබඳව කාරක සභාවේ විමසුමට ලක්විය.
ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එම කමිටුව හමුවේ ප්‍රකාශ කරන ලදී.
ඒ අනුව අදාළ උපකරණවල ලැයිස්තුවක් ප්‍රවාහන අමාත්‍යාංශට ලබා දෙන ලෙසත් එහි පිටපතක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසත් කෝපා කමිටුව ශ්‍රී ලංකා පොලිසියට නියෝග කළේය.
852 Views
Comments