වටිනා වාලම්පුරියක් විකිණීමට ගිය සැකකරු එස් ටී එෆ් දැලේ

මිල අධික වාලම්පුරියක් සන්තකයේ තබාගෙන අධික මිලකට අලෙවි කිරීමට ගිය සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඊයේ (05) කාත්තන්කුඩියේ දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කාත්තන්කුඩිය ආරියම්පදි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
කල්මුනේ පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව කාත්තන්කුඩි පොලිස් වසමේ කාලි කෝවිල් පාර, ආරියම්පදි 03 යන ලිපිනයේ පිහිටි නිවස තුළ දී සිදුකළ වැටලීමක දී සැකකරු සහ වාලම්පුරිය අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තන්කුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
226 Views
Comments