කන්න දෙන සල්ලි මත් ටොෆියකට දෙන පානදුර සිසුන්

පානදුර ප්‍රදේශයේ පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් සිදු වූ ‘සුගර් බෝල’ සහ ‘ලොලිපොප්’ මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු පානදුර උතුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී බෝතල් හැටක පමණ ඇසුරුම් කර තිබූ සුගර් බෝල 4000ක් පමණ සහ ලොලිපොප් 55ක් සොයා ගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.
දරුවන් මෙම සුගර් බෝල සහ ලොලිපොප්වලට ඇබ්බැහි වී ඇති බවත් ඔවුනට ආහාර සදහා දෙන මුදලින් මෙම මත්ද්‍රව්‍ය ගන්නා බවයි පොලිසිය කියාසිටින්නේ.
පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න් කරමින් සිටිනවා.
224 Views
Comments