නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
11

නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු

නිවෙස්වල නවතා තිබූ වාහනවල ඉන්ධන සොරාගත් 4 ක් මාට්ටු

අළුත්ගම පොලිස් වසමේ ස්ථාන කිහිපයකදී නිවාස වල දින කිහිපයක් පුරා රාත්‍රියේ නවතා තබන   ත්‍රීරෝද  රථ වල ඉන්ධන ටැංකි  තුළ පුරවා තබන  පෙට්‍රල් ප්ලාස්ටික් බැරල් වලට පුරවා සොරකම් කළ බව කියන සිව්දෙනෙකු ඊයෙ (10) අත්අඩංගුවට ගත් බව අලුත්ගම ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී දුමින්ද රාජපක්ෂ මහතාපැවසීය.

 

 

මෙවැනි  සිද්ධින් සම්බන්ධයෙන් ලද පැමිණිලි ඔස්සේ ක්‍රියාත්මක වූ පොලීසිය  ආරක්ෂක  කැමරා දර්ශන පරීක්ෂාවට ලක්කර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

 

 

මේ පිළිබඳ සහකාර පොලිස් අධිකාරිවරයා සඳහන් කළේ ත්‍රීරෝද රථ නවතා තිබෙන පරිශ්‍ර තුළට රහසිගතව ඇතුළු වී එම  සැකකරුවන් ත්‍රිරෝද රථවලින්  ඉන්ධන සොරකම් කර අනතුරුව තිරෝද රථයේ අඟුලු ද කඩා ඒ තුළ තිබෙන (කැබි හෝල් ) සුළු මුදල් ප්‍රමාණයන් ද සොරකම් කර ඇති බවට පැමැණිලි ලැබුණූ බවයි.

views

774 Views

Comments

arrow-up