“දේවාලයක් කරන ඥානක්කාට රාජ්‍ය ආරක්ෂාව ඇයි” - හිරුණිකා අසයි

සමගි ජන බලවේගයේ වනිතා බලවේගයේ ජාතික සංවිධායීකා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් පෙරේදා (02) දහවල් ප‍්‍රකට ජ්‍යෝතිර්වේදිනියක වන අනුරාධපුරේ ඥානා අක්කා නොහොත් ඩබ්ලිව්. ඥානවති නමැත්තියගේ ජ්‍යෝතිෂ කටයුතු සිදු කරනු ලබන අනුරාධපුර නාගසේන මාවතේ ඉසුරුපුර ප‍්‍රදේශයේ පිහිටි දේවාලය වැටලීමට ගිය අවස්ථාවේ පොලිසිය මාර්ග බාධක යොදා ස්ථාන කීපයකින් මග හරස්කොට ඔවුන්ගේ ගමන වැළැක්වීමට උත්සාහ කිරීම හේතුවෙන් එම ප‍්‍රදේශය දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍රනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර එම බලවේගයේ අනුරාධපුර නැගෙනහිර ආසනයේ ප‍්‍රධාන සංවිධායිකා හිටපු ළමා හා කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රාණි බණ්ඩාර යන මහත්මීන් ඇතුළු කාන්තාවන් තුන්සියකට අධික පිරිසක් මෙම විරෝධතා පා ගමනට සහ දේවාලය වැටලීමට යෑමට එක් වුහ.
ජිවන වියදම ඉහළයෑම පාලනය කරන ලෙසට සහ ඉන්ධන ගෑස් කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම විදුලිය කප්පාදුවකින් තොරව ලබාදෙන ලෙසට රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් මව්වරුන්ගේ අරගලය නමින් මෙම විරෝධතාව සංවිධානය කොට තිබිණි.
645 Views
Comments