දශක පහකට පසු රත්මලාන ගුවන්තොටුපළ ජාත්‍යන්තරයට විවෘත වෙයි - (PHOTOS)

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ (CIAR) අද (27) සිට ජාත්‍යන්තර කලාපීය ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කර තිබේ.
එම ගුවන්තොටුපළ මෙලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇත්තේ, දශක පහකට පසුව ය.
ඒ අනුව, මාලදිවයිනේ ජාතික ගුවන් සේවය සිය ප්‍රධාන මධ්‍යස්ථානය වන වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ අතර ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් අද ආරම්භ කළේ ය.
මාලේ සිට කොළඹ දක්වා වූ මංගල ගුවන් යානය රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළ (CIAR) වෙත පැමිණීමෙන් පසු උත්සවාකාර ජල ප්‍රහාරක ආචාරයක් මගින් පිළිගනු ලැබිණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආසන 50කින් යුත් Dash-8 ගුවන් යානයකින් සතියකට තුන් වතාවක් නියමිත ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරන අතර 2022 මැයි මාසයේ සිට එහි ගුවන් ගමන් වාර ගණන පහක් දක්වා වැඩි කෙරෙනු ඇත.
1449 Views
Comments