ඉන්ධන පෝලිමේ සිටි ත්‍රිරෝද රථ රියදුරු වැටී මියයයි

කඩවත ඉන්ධන පිරවුම් හලක සිය ත‍්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට රැඳී සිටි 70 හැවිරිදි විවාහක පුද්ගලයකු හදිසියේ සිහිසුන්ව ඇද වැටී මරුමුවට පත්වී තිබේ. ඉන්ධන ලබාගැනීමට පෝලිමේ සිටියදී මියගිය දෙවැනි පුද්ගලයා මොහු විය.
ඊයේ (20 වැනිදා) පෙරවරු 11.30 ට පමණ සිදුවී ඇති මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාකොළ, මාකොළ දකුණ, සිරිමංගල පාර, හයවැනි පටුමගේ පදිංචිව සිටි සමරවීරආරච්චිගේ එඞ්මන්ඞ් රිචඞ් පෙරේරා නමැති දෙදරු පියෙකි.
මියගිය අය ත‍්‍රිරෝද රැකියාවේ නිරත වන අයෙකි.
මොහු ඊයේ උදෑසන මාකොළ සිට කඩවතට මගියකු කැටුව කුලී ගමනක් පැමිණ තිබේ. ඉන් අනතුරුව ඔහු රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා කඩවත පොලිසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල වෙත ගොස් තිබේ.
ඒ වනවිටත් බොහෝ පිරිසක් ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල රැඳී සිටිනු ඔහු දැක ඇත.
පසුව ඔහුද තම රථය ඉන්ධන ලබාගැනීමට පැමිණ වාහන පෝලිමේ නවතාගෙන සිට ඇත.
එසේ සිටි ඔහු එක්වරම ඇදවැටී තිබේ. පසුව එම ස්ථානයේ සිටි පිරිස පොලිසියට දැනුම්දී ඇත.
අනතුරුව පොලිසිය එම ස්ථානයට පැමිණි අතර කඩවත පොලිසියට අයත් ත‍්‍රිරෝද රථයකින් ඔහු රෝහලට රැගෙන යෑමට පියවර ගෙන ඇත.
රෝහලේදී රෝගියාව පරීක්‍ෂා කළ වෛiවරුන් ඔහු මියගොස් ඇති බව පවසා තිබේ.
මියගිය දෙදරු පියාගේ හදිසි මරණ පරීක්‍ෂණය රාගම රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
673 Views
Comments