MAR
14
ෆෙස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ 39ක් අත්අඩංගුවට

වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයේ හෝටලයක පැවති ෆෙස්බුක් සාදයක් වටලා විවිධ වර්ගයේ තහනම් මත්ද්‍රව්‍ය සමඟ තරුණයින් 39 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම සාදය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අනුව ඊයේ(13) පස්වරුවේ මෙම වැටලීම සිදු කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් තරුණයින් මීගමුව, මිරිගම, මට්ටක්කුලිය, වත්තල, අනුරාධපුරය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් වයස අවුරුදු 20-30අතර පසුවන්නන් බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම සාදයේදී හෙරොයින්, අයිස්, හෂීස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය තිබී පොලිසිය භාරයට ගෙන තිබේ.
632 Views
Comments