MAR
07
ගෑස් හිගයෙන් රෝහල් හා ආදාහනාගාරවලටත් බලපෑම්

මේවනවිට රට තුළ පවතින ගෑස් හිගය හේතුවෙන් ආදාහනාගාරවල කටයුතු පවත්වාගෙන යාම මෙන්ම රෝහල් කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
මේ හේතුවෙන් මහා පරිමාණ සංචාරක හෝටල්වලට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.
රෝහල්, මහා පරිමාණ සංචාරක හෝටල් මෙන්ම ආදාහනාගාර සඳහා ද භාවිත කරන්නේ කිලෝ ග්‍රෑම් 37 යි දශම 5 වර්ගයේ ගෑස් සිලින්ඩර්. එහෙත්, පවතින ගෑස් හිගය හේතුවෙන් එම සිලින්ඩර ද ඉකුත් 04 වනදා සිට නිකුත් කිරීම සිදුනොවූ බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.
603 Views
Comments