යුක්‍රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා ඇරඹේ

රුසියාව සහ යුක්රේනය අතර සාකච්ඡා ඇරැඹුනු බව යුක්රේන ජනාධිපති උපදේශක මිහාය්ලො පොදොල්යැක් (Mykhailo Podolyak) සනාත කළා.
ඒ අනුව දෙරට අතර මෙම සාකච්චා පැවැත්වෙන්නේ බෙලරුසියානු දේශසීමාවේ ගොමෙල් හීදීයි.
වර්ෂ 1777 දි බෙලරුසියාවේ සූෂ් නදියේ දකුණු ඉවුරේ ඉදිකෙරුණු ඓතිහාසික ගොඩනැගිල්ලක මෙම සාකච්චා පවැත්වෙනවා.
සාකච්ඡා සඳහා එක්ව සිටින යුක්රේන ජනාධිපති කාර්යාල ප්‍රකාශකයා සඳහන් කළේ මෙම සාකච්ඡාවේ ප්‍රධාන ඉලක්කය වන්නේ ඉක්මන් සටන් විරාමයක් ඇති කරගැනීම සහ මේ වන විට යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හා හමුදා එම ප්‍රදේශ වලින් ඉවත් කර ගැනීම බවයි.
මෙම සාකච්ඡාව සඳහා එක්වන යුක්රේන් දූත පිරිසට නායකත්වය දෙනු ලබන්නේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් සහ ජනාධිපති උපදේශක මිහාය්ලො පොදොල්යැක්
දෙදෙනායි.
සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුසියානු නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ව්ලැඩිමීර් මෙඩින්ස්කි පැවසුවේ " ගැටුම් ඇතිවන සෑම පැයකදීම යුක්රේන හෝ රුසියානු සොල්දාදුවන්ගේ ජීවිත වලට හානි සිදුවන බැවින්, හැකි ඉක්මනින් ඕනෑම ගිවිසුමකට එළඹීමට අපි නිසැකවම උනන්දු වෙමු" යනුවෙන්.
"නමුත් එම ගිවිසුම් දෙපාර්ශවයේම යහපත සඳහා විය යුතුයි," ඔහු වැඩිදුරටත් පැවසුවා.
මේ අතර යුක්රේනයේ ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් කියා සිටියේ "අපගේ ඉලක්කය වන්නේ සියලුම යුරෝපීයයන් සමඟ එක්ව සිටීමයි, එය සාධාරණ බව මට විශ්වාස අතරම අපි එයට සුදුසු බව මට විශ්වාසයි," යනුවෙන් ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කෙරුනු ප්‍රකාශයක සඳහන් කළා.
මේ අතර යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි අද (28) යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ යුක්රේනයට රුසියානු හමුදා ආක්‍රමණයෙන් ආරක්ෂා වීමට වහාම විශේෂ ක්‍රියා පටිපාටියක් යටතේ යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීමට ඉඩ දෙන ලෙසයි.
කෙසේ වෙතත් දෙපාර්ශවයම සාකච්ඡා මේසයකට පැමිණනෙන්නට එකගතාව පළ කළේ රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව යුධ ප්‍රකාශ කර යුක්රේන දේශ සීමා ආක්‍රමණය කර දින පහකට පසුවයි.
952 Views
Comments