ප්‍රදේශ කිහිපයකට වැසි - සමහර ප්‍රදේශවල උදෑසන දැඩි මීදුම් තත්වයක්

ගාල්ල, මාතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
ත්‍රිකුණාමලය සිට මඩකලපුවහරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි.
සුළගේ වේගය පැ.කි.මී.(20-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 පමණ දක්වා වැඩි විය හැක.
මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විටමඳ වශයෙන් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.
627 Views
Comments