චමුදිතගේ ගෙදරට අසූචි ගැසීම, මාලක අත්අඩංගුවට ගැනීම, කාදිනල් හිමි හෙළාදකී
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

චමුදිතගේ ගෙදරට අසූචි ගැසීම, මාලක අත්අඩංගුවට ගැනීම, කාදිනල් හිමි හෙළාදකී

චමුදිතගේ ගෙදරට අසූචි ගැසීම, මාලක අත්අඩංගුවට ගැනීම,  කාදිනල් හිමි හෙළාදකී

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට පහරදීම සහ ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් දැඩි ලෙස හෙළාදකින බවත්, එම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් තම කනස්සල්ල පළ කරන බවත් කොළඹ අගරදගුරු සන්නිවේදන කමිටු සභාපති සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ(14) පැවසීය.

 

මෙම සිද්ධීන් දෙක සම්බන්ධයෙන් කණගාටුව පල කරන ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් තමා හට දැනුම් දුන් බවත් හෙතෙම පැවසීය.

 

“මෙම සිදුවීම් සිදුව තිබෙන්නේ මාසය අවසානයේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට පෙර වන අතර එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපානු ඇත,” යනුවෙන් උන්වහන්සේ පැවසූහ.

 

පාස්කු ඉරිදා විපතට පත් වූවන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ අයෙකු අත්අඩංගුවට ගැනීම සහ මාධ්‍ය මගින් ජනතාවට සත්‍යය දැනුම්දීම වැලැක්වීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණක් බව උන්වහන්සේ කියා සිටියේය.

 

“සියලු‍ පුරවැසියන්ට සත්‍යය දැන ගැනීමට අයිතියක් තිබෙන අතර ඔවුන් සත්‍යය දැන ගන්නේ මාධ්‍ය හරහා. ඒ නිසා මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කිරීම සත්‍ය වසන් කිරීමේ උත්සාහයක්” යැයිද උන්වහන්සේ සඳහන් කළේය.

views

760 Views

Comments

arrow-up