11හැවිරිදි පිරිමි දරුවාට බරපතල ලිංගික අතවර කළ “සුදා” වසර 19කට මහ උළු ගෙදරට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

11හැවිරිදි පිරිමි දරුවාට බරපතල ලිංගික අතවර කළ “සුදා” වසර 19කට මහ උළු ගෙදරට

11හැවිරිදි පිරිමි දරුවාට බරපතල ලිංගික අතවර කළ “සුදා” වසර 19කට මහ උළු ගෙදරට

11හැවිරිදි පිරිමි දරුවෙකු අපහරණය කිරීම සහ බරපතල ලිංගික අපයෝජන කිරීම යන චෝදනාවන් සම්බන්ධයෙන් වැරදිකරුවූ චූදිතයෙකුට මොණරාගල පළාත්බද මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය රුපියල් 15000ක දඩයක් සමඟ වසර 19 සිරදඬුවමක් නියම කොට වින්දිත දරුවාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නියෝග කළාය.

 

දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර තුනහමාරක ලිහිල් සිරදඬුවම්ද චූදිත වන්දි මුදල නොගෙවන්නේ නම් අදාළ මුදල දඩ මුදලක් ලෙස අය කර ගැනීමටද නියෝග කළාය.

 

මෙසේ දඬුවම් නියම කෙරුණේ හම්බේගමුව ජනපදයේ පදිංචි පරණගමගේ විජේරත්න නොහොත් රත්නපුරයේ සුදා නැමති 59 හැවිරිදි පුද්ගලයෙකුටය.

 

2011/12/19 වැනි දින අසනීපවී සිටි තම පියාට පැරසිටමෝල් පෙති රැගෙන ඒමට පාපැදියකින් වෙළෙඳසැලකට ගොස් ආපසු නිවසට එමින් සිටියදී තල හේනක් අසලදී චූදිත විසින් එකොළොස් හැවිරිදි දරුවා වාඩියකට කැඳවා ගෙන ගොස් ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මෙම නඩුව පවරා තිබිණි.

views

818 Views

Comments

arrow-up