ආණ්ඩු පක්ෂ රැස්වීමේදී විවේචනයට ලක්වූ, ඇමති ගම්මන්පිළගෙන් අද විශේෂ ප්‍රකාශයක්

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අද සිට 11 වන දා දක්වා පාර්ලිමේන්තුව රැස්වනවා.
මේ අතර, පසුගිය දින කිහිපය තුළ දී පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 16 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
කෙසේ වෙතත්, නිසි මාර්ගෝපදේශනවලට අනුකූලව පාර්ලිමේන්තුව පැවැත්වීමටයි සූදානම් කර ඇත්තේ.
ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ අපරාධ නඩු විධාන සංග්‍රහය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන, සිවිල් නඩු විධාන සංග්‍රහය ඇතුළු තවත් පනත් යටතේ රෙගුලාසි විවාදයට ගෙන ඒවා සම්මත කිරීමට නියමිතයි.
එමෙන්ම, අද සහ හෙට යන දෙදින තුළ සෑම දිනකම පෙරවරු 10 සිට 11 දක්වා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
මේ මස 11 වන දා පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, අද උදෑසන පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේදී බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ද සිදුකිරීමට නියමිතයි.
එය අමාත්‍යාංශ ප්‍රකාශයක් ලෙසයි සිදුකිරීමට නියමිතව ඇත්තේ.
ඊයේ දින පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී උදය ගම්මන්පිළගේ ඇතැම් ප්‍රකාශ පිළිබද මැති ඇමතිවරුන්ගේ විවේචන එල්ල වී ඇති පසුබිමකයි අමාත්‍යවරයා විසින් මෙම ප්‍රකාශය සිදුකරන්නේ.
801 Views
Comments