ඕඅයිසීගේ මාස්ක් එක ගලවන්න ගිය රැප් ගායක “ෆිලිටී” ට වැඩ වරදී

වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකට ආරක්ෂාව සපයමින් සිටි පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධාකර මුව ආවරණය ගැලවීමටගිය ප්‍රසිද්ධ රැප් ගායන ශිල්පියෙකු වන ෆිල්ටී පෙරේදා(20) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.
පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පාසලක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සිසු සම්මන්ත්‍රණයකට පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සපයමින් සිට තිබේ.
සැකකරු ඒ ආසන්නයේ කෑකෝ ගසමින් අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී ස්ථානාධිපතිවරයා සැකකරුහට අවවාද කර ස්ථානයෙන් පිටවන ලෙසට උපදෙස් දී ඇති අතර එහිදී සැකකරු ස්ථානාධිපතිවරයාගේ මුව ආවරණයෙන් ඇද ආවේගශීලිව හැසිරීම හේතුවෙන් සාපරාධී බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසුවේය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
648 Views
Comments