තරුණයෝ ඩීසල් ඉල්ලා සිපෙට්කෝ පිරවුම්හල හොල්ලති
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
28

තරුණයෝ ඩීසල් ඉල්ලා සිපෙට්කෝ පිරවුම්හල හොල්ලති

තරුණයෝ ඩීසල් ඉල්ලා සිපෙට්කෝ පිරවුම්හල හොල්ලති

තිස්සමහරාමයේ සිට මස්කෙලිය ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් පිරිසක් ඔවුනගේ වාහනයට ඩිසල් ඉල්ලා හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක කලමණාකරු සහ සේවකයින් සමග නොසන්සුන්කාරි ලෙස හැසිරිණ.


දින තුනක සංචාරයක් සදහා පැමිණ ඇති එම තරුණයන් පිරිස 27 දින මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිට අද (28) දින හැටන් හරහා මස්කෙලියට යාමට හැටන් නගරයට පැමිණි අවස්තාවේ ඔහුන් පැමිණි වාහනයට ඉන්ධන අවසන් විම නිසා හැටන් නගරයේ ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගෙන් ඉන්ධන ඉල්ලා සිටි විට ඔහුන් කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් ඩිසල් ස්වල්ප ප්‍රමාණයක් සංචිතයේ ඇති බවයි.


එහිදි එම තරුණයන් හැටන් ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ගෙන් ඉල්ලා සිටියේ තම නිවාස කරා යාමට පමණක් ඩිසල් ලිටර් 20 පමණක් ලබාදෙන ලෙසයි.


ඉන්ධන පිරවුම්හලේ සේවකයින් විසින් එය ප්‍රතික්ෂේප කිරිම නිසා එම අවස්තාවේ සංචාරයක් සදහා පැමිණි තරුණයන් සහ ඉන්ධන පිරවුම්හලේ සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිම නිසා එය පාලනය කිරිමට හැටන් පොලිසියේ නිලධාරින්ට මැදිහත් විමට සිදු විය.

views

672 Views

Comments

arrow-up