රාජ්‍ය ආයතන වල ඇති රජයේ වාහනවලටත් රතු එළි

රජයේ වාහන අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා යෙදවීමෙන් වළකින ලෙස රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ රත්නසිරි මහතා විසින් රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් යවමින් උපදෙස්දී තිබේ.
ඊට අමතරව අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා ඉන්ධන භාවිතා නොකරන ලෙසටද ඔහු දැනුම්දී ඇත.
මේ අතර රජයේ වාහන භාවිතා කරන ප්‍රධානීන් කොළඹ පැවැත්වෙන විශේෂ සම්මන්ත්‍රණ වැඩමුළු සහ සාකච්ඡා සඳහා කැඳවීමද සීමා කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ.
621 Views
Comments