බොරැල්ල බෝම්බ සිද්ධියේ වෛද්‍යවරයා රිමාන්ඩ්

බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිදුවීමට අදාළව රැඳවුම් නියෝග මත රඳවා සිටි පිළියන්දල පදිංචි වෛද්‍යවරයා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද(14) නියෝග කළාය.
ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙම සිද්ධියේ තෙවැනි සැකකාර පිළියන්දල පදිංචි ෂර්ලි දයානන්ද හේරත් නමැති වෛද්‍යවරයායි.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(14) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර සිද්ධියට අදාළව මෙතෙක් විමර්ශන අවසන් නොමැති බවද මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේය.
657 Views
Comments