“නෙලු‍ම් පොකුණ මහින්දගේ වැඩක් නොවේ.. අපේ වැඩක්..” - විජිත හේරත්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

“නෙලු‍ම් පොකුණ මහින්දගේ වැඩක් නොවේ.. අපේ වැඩක්..” - විජිත හේරත්

“නෙලු‍ම් පොකුණ මහින්දගේ වැඩක් නොවේ.. අපේ වැඩක්..” - විජිත හේරත්

මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිකළ බව පැවසෙන නෙළුම් පොකුණ ඔහුගේ සංකල්පයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. 

 

2004 වසරේදි තමන් සංස්කෘතික අමාත්‍යධුරය දරන සමයේ චීනය සමඟ සාකච්ඡා කර එකඟතාවකට පත්ව ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බවද ඔහු සඳහන් කලේය.


චීනය මුලින්ම යෝජනා කරන ලද සැලැස්ම තමන්ගේ මැදිහත්වීමෙන් නෙළුම් පොකුණ හැඩයට ඉදි කළ බවත් එහි අදහස ලබාදුන්නේ සංස්කෘතික අරමුදලේ වැඩ පරීක්ෂකවරයෙකු වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 

සුනාමි සහන මණ්ඩල ගිවිසුම් යෝජනාවලිය හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ 2004 වසරේදී ආණ්ඩුවෙන් ඉවත් වූ පසු 2005 වසරේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වී තමන්ගේ නමින් එය නම් කරමින්  විවෘත කල බවත් ඔහු පැවසීය.

 

ජනතා විමුක්ති පෙරමුණේ පැවති සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළේය.

views

752 Views

Comments

arrow-up