අක්‍රීය වූ විදුලි බලාගාර දෙක යථා තත්වයට පත්කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
14

අක්‍රීය වූ විදුලි බලාගාර දෙක යථා තත්වයට පත්කෙරේ

අක්‍රීය වූ විදුලි බලාගාර දෙක යථා තත්වයට පත්කෙරේ

තාක්‍ෂණික දෝෂයක් නිසා දින දෙකක් අක්‍රීයව පැවැති කෙරවලපිටිය බටහිර වෙරළ විදුලි බලාගාරය සහ සොජිට්ස් විදුලි බලාගාරය අද(14) පස්වරුවේ නැවත යථා තත්වයට පත්කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

 

කෙරවලපිටිය බටහිර වෙරළ බලාගාරයෙන් මෙගාවොට් 270ක් සහ නිෂ්පාදනය කරන අතර සොජිට්ස් බලාගාරයෙන් මෙගාවොට් 130ක් නිෂ්පාදනය කරන බවත් එම බලාගාර අක්‍රීය වීමෙන් අහිමිවූ මෙගාවොට් 400 ප්‍රමාණය අද(14) පස්වරුවේ සිට ජාතික විදුලි පද්ධතියට එකතු වූ බවත් ඔහු වැඩි දුරටත් කීය.

views

610 Views

Comments

arrow-up